පාසල් ගීතය
පෙරදිග අහසේ නැගෙනා හිරු සේ
ලොවටම සෙත සදනා
ජයන්තිපුර විදුහල් මැණි
නමදිමු හද බැතිනි..//
සොහොයුරු පෙමකින් අප වෙළලා
ඔබ තුරුලේ හොවලා
යහමග පෙන්වා අප සනසා
දියුණුව වෙත නංවා
නදියක පිපෙනා පියුම් ලෙසේ
සැමටම සුවද දෙනා
ලොවටම යහපත සලසවනා
මිනිසුන් වෙමු සැමදා
ඔබගෙන් බිහිවන දරුවෝ අපි
නුවණින් ලොව දිලෙනා
රකිනෙමු ඔබෙ නාමය මව්නි
එක්වි සැවොම සදා.....//